8:07 AM

Hard disk එකේ icon එක වෙනස් කරන්න.
ඉස්සෙල්ලම notepad එකක් open කරල එකේ,
[autorun]
icon=chat.ico
කියල ටයිප් කරනන. ඊට පස්සෙ ඒක Autorun.inf කියල save කරන්න.
දැන් Extensions name එක .ico වන icon එකක් අරගෙන එකේ නම chat.ico
කියල වෙනස් කරන්න.

දැන් ඒ අපි හදපු Autorun.inf හා chat.ico
දෙකම Hard disk එකේ partition එකට copy කරන්න .
දැන් Computer එක restart කරල ගන්න., එතකොට අපි දාපු icon එක Hard disk එකේ partition එකට ඇවිත් ඇති.

හැමොම අලුත් මුනු දානව මටත් හිතුන අලුත් මුනක් ගන්න.

මට නෙමේ මගේ Blog එකට,
ඉස්සෙල්ලම මම ගිය මෙන්න මෙතනට,
http://www.bloggerbuster.com/2008/08/125-more-excellent-blogger-templates.html

ගත්ත මම කැමතිම template එක ඔයත් ඔයා කැමතිම template එක ගන්න.
ඊට පස්සෙ මගේ Blog එකේ sing in කරල Layout වලට ගිහින් HTML වලට ගියා.
Download Full Template කියන තැනින් මගේ Blog එකේ backup එකක් ගත්ත.
ඊට පස්සෙ මම Download කරගත්ත. template එක Upload කරන්න.
දැන් මම මුලින්ම Blog එක හැදුව වගෙ මට ඕන ඕන දෙවල් add කරා.

මෙ කියන්න යන්නෙ Microsoft Office Outlook 2007 (G-mail වලට) වල සෙටින් හදන ක්‍රමය මේක හුගක් අමාරු දෙයක් නෙමේ.
අනෙක හුගක් අය දන්නවත් අති.
මෙහෙමයි, .............
ඉස්සෙල්ලම් "Microsoft Office Outlook 2007" open කරල tools වලට ගිහිල්ල account settings.... වලට ගිහිල්ල New කියන එකට යන්න එතනින් Microsoft Exchange ,POP3,IMAP,orHTTP

ට click එක දමා Next කරන්න.,

මෙහි කිසිවක් පුරවන්නේ නැතුව මෙහි යටම ඇති "Manuall configure server settings or additional server types" යන්නට click එක දමන්න. දැන් Next කරන්න.
මෙහි "Internet E-mail" යන්නට click එක දමා Next කරන්න.
මෙහිදි User Information වලට ඔබගේ අදාල තොරතුරු ලබාදී Server Information වලට පහත ලෙස ලබා දෙන්න,
Account Type : POP3
Incoming mail server : pop.gmail.com
Outgoing mail server (SMTP) : smtp.gmail.com
Logon Informatiom සදහා සාමාන්‍යය ලෙස ඔබගේ User Name : එක හා Password : එක ලබා දෙන්න.
Remember password යන්නට click එකක් දමන්න.
දැන් එහිම දකුනු පැත්තට වන්නට ඇති More Settings.. යන්න click කරන්න.

මෙහි Outgoing Server යන්නෙහි "My outgoing server (SMTP) requires authentication" යන්න හා "Use same settings as my incoming mail server"යන්නට click කරන්න ,

පසුව Advanced යන් tag එකේ Incoming server (POP3) යන්නට ඉදිරියෙන් 995 ලෙස යොදා This server requires an encrypted connection (SSL) යන්නට click එකක් දමන්න. පසුව Outgoing server (SMTP) යන්නට ඉදිරියෙන් 465 යොදා, Use tha following type of encrypted connection යන්න ඉදිරියෙන් SSL ලෙස යොදන්න, දැන් Ok කරන්න.
දැන් Next කරන්න. Finish කරන්න.

මුලින්ම කරන්න තියෙන්නෙ, New Folder එකක් හදා ගන්න එක , ඒක හැමෝම දන්න දෙයක්නෙ,
දැන් ඒකේ නම වෙනස් කරන්න "Alt +255" (ඒ කියන්නෙ "Alt" key එක ඔබාගෙන 255 ගහන්න. එතකොට Folder එක නමක් නැති එකක් බවට පත්වෙයි) දැන් ඒ Folder එක උඩ right click කරල "properties" වලට ගිහිල්ල, Customize වල යටම තියෙන Change icon වලට යන්න,
එතන මම ඔය රූපයෙන් නිල් පාටට පෙන්නල තියෙන icon එක select කරන්න, ( එතන icon එකක් නැති හිස් තැනක් විදිහට තමයි පේන්නෙ )

දැන් OK කරන්න . දැන් ඔයාට එතන Folder එකක් නොපෙනුනත්, එතනට Mouse එක අරන් ගියම ඔයාට එතන highlight වෙලා Folder එකක් තියෙන ලෙස පෙනෙයි. දැන් එතන double click කලාම ඔයාට Folder එක ඇතුලට යන්න පුලුවන්. තවත් හංගන්න ඔනෙ නම් Folder එක hidden කරන්න.

මුලින්ම කියන්න එපායැ පරිස්සමෙන් ,,,,
step - 1
ඉස්සෙල්ලම අලුත් Folder හදා ගන්න ඔනේ. ඉට පස්සෙ එක normal hidden කරන විදිහට hidden කරන්න ඔනේ, Folder right click කරල "properties" වලට ගිහිල්ල, hidden කරන්න.
step - 2
දැන් "Folder Option" වල "view" වල යටම තියෙන "Restore Defaults" click කරල ok කරන්න.
step - 3
දැන් key board එකේ "windows" key එකයි, "R" key එකයි එකට press කරන්න,
එත්කොට එනෙ window එකේ "regedit" කියල ටයිප් කරන්න. දැන් අලුත් window එකක් ලැබේයි. මේ වාගේ,
step - 3
HKEY_LOCA_MACHINE / SOFTWARE / Microsoft / Windows / CurrentVersion / explorer / Advanced / Folder
step -4
දැන් Folder (ඉහත සදහන්, අප සාදා ගත folder එක නොවේ) එක මත mouse point එක තබා right click කර ලැබෙන මෙනු "export" යන්න click කල විට, save කරන්න තැනක් විමසු විට ඔබ කැමති තැනක් ලබාදී save කරන්න.
step -5
දැන් ඔයාට දකුණු අත පැත්තේ යටම තියෙන "Type" කියන එක පෙනෙයි ,
දැන් ඒක double click කරන්න.,
එකේ තියෙන "Value data" යටතේ යටින් අති "group"කියන එකේ ඉස්සරහට මොකක් හරි අකුරක් ටයිප් කරල ok කරන්න.
දැන් ඔයා ගිහින් බලන්න "Folder Option" වල "view" වලට මොකද වෙලා තියෙන්නෙ කියල.
step - 6
නැවත ඔයාට පරණ විදිහට හදා ගන්න ඔනේ නම්, අපි අර export
කරපු icon එක උඩ double click කරලා හරි නැවත Type උඩ double click කරල Value data වලට "group" කියල ටයිප් කරල ලබා ගන්න පුලුවන්.

taskbar එකේ දකුණුපස ඇති icon ඉවත් කිරිම,
මේ සදහා පලමුව key board එකේ "වින්ඩොස්" key එක හා "R" key එක එක වර
press කර ලැබෙන window එකේ

"msconfig" ලෙස ටයිප් කර ඉන්පසු ලැබෙන window එකෙ










"startup" tag එකේ අවශ්‍ය නම් සියලුම ඒවාද Disable all මගින්
ඉවත් කල හැකි අතර. නැතිනම් අපට අවශ්‍ය ඒව පමනක් ඉවත් කල හැකිය.


  • ස්වර්ණවාහිනී

    රූපවාහිනී

    ITN

    Followers

    Blog Archive

    මම

    My Photo
    රත්නපුර- නිවිතිගල, සබරගමුව, Sri Lanka
    View my complete profile

    Recent Posts

    free counters